සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයෙකු වන අශේන් සේනාරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද (23) පෙරවරුවේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනෙක මැතිවරණ කොමිෂන් සභාව මගින් තමන්ට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදීමට අවස්ථාවක් ලබා නොදුන් බවටත්; එතුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවටත් සඳහන් කරමිනුයි පෙත්සම්කාර පාර්ශ්වය මෙකී පෙත්සම ගොනු කරනු ලැබුවේ.