gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගේමක් ගසා සුජීව ජාතික ලයිස්තුවට ගියා ද?… සුජිව සේනසිංහ ඕන කියලා හාමුදුරුවරු දාලා මහනුවර උද්ඝෝෂණයකුත් ලෑස්ති කරලා…

සුජීව සේනසිංහ මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට තරගවැදීමට සූදානම් වීමත් සමග දිස්ත්‍රික්කයේ අනෙකුත් අපේක්ෂකයින් අතර ඇති වූ බව කියන බරපතල අර්බුදයට පිළියමක් වශයෙන් ඔහුව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට අවශ්‍ය ලෙස මැතිවරන සැලසුම් වෙනස් කරගැනීමට සමගි ජන බලවේගයට සිදුවී තිබේ.
මේ ගැටුම මොනතරම් දුරදිග ගොස් තිබුණාද කිවහොත්  සූජීව සේනසිංහ   මහනුවරට  සුජීව සේනසිංහ අවශ්‍ය බවට භික්ෂූන්වහන්සේ පිරිසක් යොදා උද්ඝෝෂණයක් ද සුජීව සේනසිංහ පාර්ශවයෙන් සැලසුම් කර තිබුණු බව පක්ෂ නායකත්වයට දැනගන්නට ලැබී ඇත.

එම උද්ඝෝෂණය සංවිධානය කිරීමේ වගකීම භාර වී තිබී ඇත්තේ සුජිව සේනසිංහගේ හිතවත් මහනුවර දිස්ත්‍රික් ආසන සංවිධායකවරයෙකුටය.

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ  ව්‍යාජ අර්බුදයක් මවා පෙන්වා සුජීව සේනසිංහ ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරවා ගැනීමට  වැඩසටහනක් අභ්‍යන්තරයේ දියත් වී තිබුණ බවය.

මෙවර සමගි ජන සන්ධානය තිස්ස අත්තනායක  ගේ නායකත්වය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇත.
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka