උපුල් තරංගට වරෙන්තුවක්… ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග!
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට මාතලේ අධිකරණය අද (08) වරෙන්තුවක් නිකුත් කළේය. නඩුවක් පවතිද්දී අධිකරණයට නොදන්වා විදේශගත වෙමින් අධිකරණය මගහැරීම නිසා වරෙන්තුව නිකුත් කරමින් මාතලේ අධිකරණය නියෝග කළේ ඔහු රටට පැමිණි වහාම ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “ලෙජන්ඩ්ස් ලීග් ” ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග විසින් කළ පැමිණිල්ලකට අනුව විභාග වෙමින් තිබෙන නීතිකෘතයකට අදාලව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මාතලේ මහාධිකරණය අද (08) මෙම වරෙන්තුව නිකුත් කළේය.
ඔහු විදෙස්ගතව සිටින බැවින් දිවයිනට පැමිණි පසු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව මෝසමක් මාර්ගයෙන් ඔහුගේ නීතිඥයින් අධිකරණයට දැනුම්දී තිබේ.
උපුල් තරංගට වරෙන්තුවක්… ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග!
2024-10-08T18:23:00+05:30
Gossip Lanka Hot News






