හලාවත සිංහපුර ඛේදවාචකය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවන කතාව – මවගේත් දියණියගේත් ගෙල කපා ඝාතනය කරලා… සිරුරුවලට ගිනි තියලා තියෙන්නෙ පහුවෙනිදා… පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි!
හලාවත – සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක හමුවුන මිය ගිය කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව එම සිරුරු ගිනි තබා පුලුස්සා දමා ඇති බව මෙම සිරුරු දෙක පිළිබඳව කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙ දී අනාවරණය වී තිබේ. හලාවත මහ රෝහලේ මෘත ශරීරාගාරයේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අයි.එම්. ඉලංගරත්න බණ්ඩා මහතා විසින් කාන්තාවකගේ සහ ඇයගේ දියණියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.
හලාවත – සිංහපුර ප්‍රදේශයේ මවක්, පියා සහ දියණියක් ජීවත් වූ නිවසක ඊයේ උදෑසන ගින්නක් හටගෙන තිබිණි. විමර්ශන අංශ එහිදී නිවැසි පියාගේ මවගේ සහ දියණියගේ පිළිස්සී ගිය සිරුරු එම ස්ථානයේ තිබී සොයා ගනු ලැබුවේය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මවගේ සහ දියණියගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සිදුවී ඇති බවත්, අධික රුධිර වහනයකින් මෙම මරණ සිදුවී ඇති බවත් තහවුරු වී තිබේ.
පරීක්ෂණවල මූලික සොයාගැනීම්වලට අනුව වාර්තා වී ඇත්තේ පසුදින සිරුරුවලට ගිනි තබා ඇති බවයි.
පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුව වන විටත් පැවැත්වෙමින් තිබුණු බව නිව්ස් ෆස්ට් වාර්තා කරයි.
හලාවත සිංහපුර ඛේදවාචකය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවන කතාව – මවගේත් දියණියගේත් ගෙල කපා ඝාතනය කරලා… සිරුරුවලට ගිනි තියලා තියෙන්නෙ පහුවෙනිදා… පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි!
2024-10-21T21:29:00+05:30
Gossip Lanka Hot News





