ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු නිමා කළ වහාම මැතිවරණ කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවම වශයෙන් දින 30 -35ක කාලයක් අවශ්‍ය වන බවත් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට උපරිම ලෙස ගරු කරමින් ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිමා කළ වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු සම්පාදනය කළ නමුත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ප්‍රමුඛ වූ බවත් සභාපතිවරයා එම නිවේදනයේ දක්වා සිටී.
එබැවින් පාර්ලිමේන්තු මැතිවරණය නිමා වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසී පැවැත්වීමට දින නියම කන බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවාධාරණය කරයි.
එම නිවේදනය මෙසේය.