gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඊයේ නෙළුම් කුළුණෙන් පැන්න රද්‍යා ගුණසේකර සිසුවිය ගැන මාර කතාවක් එළියට එයි! මීට කලින් කොළඹ ඇලවෙන කුළුණෙන් බිමට පැනලා සිය දිවි නසාගත් සිසුන් දෙදෙනාගේ හොඳම යාළුවා! ඒ සිද්ධියෙන් පස්සේ ඉඳලා තියෙන්නේ ලොකු කලකිරීමකින්! යාළුවෝ දෙන්නා දිවිනසාගත් විදිහටම දිවිනසාගෙන තියෙන්නත් ඒ නිසාලු!

කොළඹ නෙළුම් කුලුනේ නැරඹුම් මහලේ සිට බිමට පැන ඊයේ (07) සියදිවි හානිකරගත් ජාත්‍යන්තර පාසල් සිසුවිය කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පසුගිය ජූලි 02දා බිමට පැන සිය දිවි හානි කරගත් සිසුවාගේ සහ සිසුවියගේ හොඳම මිතුරියක් බව පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන සිය මිතුරියත් මිතුරාත් මිය යාම සම්බන්ධයෙන් මෙම සිසුවිය යම් කළකිරීමකින් සිට ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

කොළඹ 07 පිහිටි ජාත්‍යන්තර පාසලක මෙම සිසුන් තිදෙනාම අධ්‍යාපනය ලබා ඇත. සිය මිතුරියත් මිතුරාත් සියදිවි හානිකරගෙන මාස තුනකට පමණ පසු ඇය සියදිවි හානිකරගෙන ඇත්තේද මිතුරාත් මිතුරියත් සියදිවි හානිකරගත් ආකාරයටම බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

නෙළුම් කුලුනෙන් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති සිසුවිය කොල්ලුපිටියේ පදිංචි ව්‍යාපාරික පවුලක දරුවෙක් බව පොලිසිය කියයි. රද්‍යා ගුණසේකර නමැති ඇය වයස අවුරුදු 15ක් වන ජාත්‍යන්තර පාසලේ 11 පංතියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

පාසල නිමවීමෙන් අනතුරුව ඇය කුරුඳුවත්තේ සිට නෙළුම් කුලුනට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී බව පොලිසිය කියයි. පාසල් නිල ඇඳුම දැමූ පාසල් බෑගය නෙළුම් කුලුනේ නැරඹුම් ස්ථාන කොටසේ තිබී පොලිසියට හමුවී ඇත. එහි තිබී සිසුවියගේ යැයි සැකකරන ජංගම දුරකථනයක්ද හමුවී තිබේ.

කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන්න සිසුවියත් සිසුවාත් පාසල් නිල ඇඳුමින් පැමිණ පසුව එම නිවාස සංකීර්ණයේ දී ඇඳුම් මාරුකරගෙන ඉහළ මහලට ගොස් සියදිවි හානිකරගෙන තිබුණි.

නෙළුම් කුගුනෙන් පැන්න සිසුවිය නෙළුම් කුලුනට ඇතුළුවීමට ටිකට්පතක්ද රැගෙන 29 වැනි මහල ලෙස නම්කර ඇති නැරඹුම් මහලට ගොස් සිය සපත්තු ගලවා බැම්ම මතට නැඟ බිමට පැන ඇත්තේ සවස 3.30ත් 4.00ත් අතර බව පොලිසිය කියයි. එම සපත්තු ජෝඩුවද විමර්ශනයේ දී පොලිසියට හමුවී ඇත. ඇය බිමට පැන ඇත්තේද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මඟ හැර හුදෙකලා ස්ථානයකින් බව ද විමර්ශනයේ දී පොලිසියට පෙනී ගොස් තිබේ.

නැරඹුම් මහලේ සිට බිමට පැන්න ඇය එහි දී වැටී ඇත්තේ තෙවැනි මහලේ කොන්ක්‍රිට් තට්ටුව මතටය.

කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයෙන් පැන්න සිසුවියත් සිසුවාත් වැටී තිබුණේ මෙසේ අතරමැදි මහලක් මතටය.

මෙම සිසුවිය නෙළුම් කුලුනට පැමිණ ඉහළ මහල වෙත ගමන් කරන අයුරු මෙන්ම නැරඹුම් මහලේ ඇය සැරිසරන අයුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ඉදිරියේ දී පොලිසිය කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කීය.

මෙම සිසුවිය නෙළුම් කුලුනෙන් බිමට පැන්න නැරඹුම් ස්ථානයේ සිට ඇය බිමට වැටුණු තුන්වැනි මහල අතර උස මීටර් 250ට වැඩි බවත් මෙරට ඉතිහාසයේ ගොඩනැඟිල්ලක මෙතරම් ඉහළකින් බිමට පැන සිය දිවි හානිකර ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙන්ම නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානාකරගත් පළමු තැනැත්තිය ඇය වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

-දිනමිණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka