අනුර කුමාර දිසානායක හොඳ දේශපාලඥයෙක් බවත් ඔහු තරග කරන්නේ එවැනි දක්ෂ කමක් නැති පිරිසක් සමග බවත් රාජිත සේනාරත්න පවසයි. ඔහු මෙම මතය ප්‍රකාශ කළේ ඊයේ හිරු සලකුණ වැඩසටහනට එක් වෙමිනි.
“ඒ පක්ෂයේ ඉන්නවා හොඳ දේශපාලඥයින් කීප දෙනෙක්. ඔවුන් දේශපාලනය හදාරලා තියනවා. දේශපාලනය කියවලා තියනවා. ලෝකයේ දේශපාලනය ගැන අවබෝධයක් තියනවා. මිනිසෙකුගෙ හැකියාවක් තියනවා නම් එය අගය කළ යුතුයි. එහෙම නොවනවා නම් අපි කුහකයො” රාජිත සේනාරත්න පැවසුවේය.
ඔහු කීවේ දැන් මේ රටේ දේශපාලන පක්ෂවලට පාක්ෂිකයන් නොමැති බව හොඳින්ම අවබෝධ කරගත් දේශපාලකයා අනුර කුමාර දිසානායක බවය. මුලින්ම ඒ සුළඟ 2015 දී යහපාලන ආණ්ඩුවට පැමිණි බවත්, ඉන් ගැලවී ගෝඨාභය රාජපක්ෂ වෙත හමා ගොස් අවසානයේ දී මහා ව්‍යසනයකින් එය අවසන් වූ බවත් රාජිත සේනාරත්න කීවේය. අනුර කුමාර දිසානායකගේ සියයට 3ක පාක්ෂිකයින් අතරින් පාක්ෂිකයන් ලෙස සිටියේ ඊටත් අඩු පිරිසක් බව කී රාජිත සේනාරත්න මේ අපේක්ෂා සහිත ඡන්ද දායකයාගේ සුළඟ දූෂණය හොරකමෙන් තොර ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අනුර කුමාර දිසානායක වටා රොක් වන්නේ ඔවුන්ගේ විනය ගරුක ශූර දේශපාලනය නිසා බව ද පැවසුවේය.
“ඒකම තමයි භායනක. ඔවුන් ඒ භයානකකම ගැන දන්නවා. ඒ නිසා තමයි තීන්දු ගන්නකොට ඔවුන් බොහෝ විට යළි යළිත් කල්පනා කරනවා ඇත්තෙ…” හිටපු ඇමති රාජිත පැවසුවේය.