බොරු ලෙඩ අරන් බන්ධනාගාර රෝහලට රිංගන්න හැදූ ඇලෝසියස්ගේ ඉල්ලීම බන්ධනාගාර සෞඛ්‍ය අංශ ප්‍රතික්ෂේප කරයි
බිලියන 2.5ක වැට් බදු වංචාවට හිරේ ගිය ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් වීමට ඉල්ලීම් කර ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඉල්ලිම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අර්ජුන් ඇලෝසියස්ට බන්ධනාගාර සිරමැදිරියක රැඳී සිටිමට සිදුව ඇත.
කෙසේ නමුත් බන්ධනාගාරය වෙත පැමිණෙන දේශපාලනඥයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ව බන්ධනාගාර රෝහල වෙත භාරගනු ලබන්නේ බරපතල රෝගී තත්ත්වයකින් පසුවන්නේ නම් පමණක් බව මීට පෙර රෝහල් බලධාරීන් තීරණයක් ගෙන තිබු බවද වාර්තා විය.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 වැට්බදු ගෙවිම අර්ජුන් ඇලෝසියස් පැහැර හැරීමේ සිද්ධියට පසුගියදා අධිකරණය මගින් මාස 6ක සිරදඩුවම් හිමිවිය.
ශ්‍රියානි විජේසිංහ
බොරු ලෙඩ අරන් බන්ධනාගාර රෝහලට රිංගන්න හැදූ ඇලෝසියස්ගේ ඉල්ලීම බන්ධනාගාර සෞඛ්‍ය අංශ ප්‍රතික්ෂේප කරයි
2024-10-17T07:24:00+05:30
Gossip Lanka Hot News






