පඩියෙන් කවදාවත් ගන්න බැරි දේපොළක් සල්ලිවලට ගත්ත දේශපාලඥයන්-රාජ්‍ය නිලධාරීන්-හමුදා නිලධාරීන් ඇතුළු 7 දෙනකුගේ දේපොළ තහනම් කරන්න සියල්ල ලෑස්තියි!
දේශපාලනඥයන්, රාජ්‍ය නිළධාරීන් සහ හමුදා නිළධාරීන් ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකුට අයත් දේපළ අත්හිටුවීමට අදාල නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
අදාල පුද්ගලයන් හත් දෙනා, ඔවුන්ගේ වැටුපෙන් උපයාගත නොහැකි ආකාරයේ දැවැන්ත ධනයක් උපයාගෙන ඇති බව පවසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ඒ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව පවසයි.
ඔවුන් උපයාගෙන ඇති ධනය, පවුලෙන් හෝ සමීප ඥාතීන්ගෙන් උරුම වුණු බවට මෙම පුද්ගලයන් පැවසූවද, දැනට සිදු කරන තිබෙන විමර්ශනවලට අනුව එය පිළිගත නොහැකි බව කොමිසම පවසයි.
මෙම පුද්ගලයන් හත් දෙනාට අමතරව, වත්කම් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වූ පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙකුට එරෙහිව, අල්ලස් කොමිසම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.
කුරුදුවත්තෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් ඇමති රියැදුරෙකු සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම විමර්ශන අරඹා තිබේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිදුවන පරීක්ෂණ මීට අමතරව සිදු වේ.
පඩියෙන් කවදාවත් ගන්න බැරි දේපොළක් සල්ලිවලට ගත්ත දේශපාලඥයන්-රාජ්‍ය නිලධාරීන්-හමුදා නිලධාරීන් ඇතුළු 7 දෙනකුගේ දේපොළ තහනම් කරන්න සියල්ල ලෑස්තියි!
2024-10-06T13:24:00+05:30
Gossip Lanka Hot News






