සබීතාගේ බිල්ඩින් එක කෘෂිකර්ම අමාත්‍යංශෙට ගනිද්දී කෝටි 66ක ඩිපෝසිට් එකක් තියලා! බැංකුවකින් බැඳුම්කරයක් අරගෙනත් නෑ! බිල්ඩිම බාර දීලා අවුරුදු ගාණක් ගියත් තවම ඩිපෝසිට් එක දීලා නෑ! VIDEO
පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක තැන්පතු මුදල සම්බන්ධයෙන්ද ඔහු හෙළිදරව්වක් කළේය.
“කෘෂිකර්ම අමාත්‍යාංශයත් යම් යම් අක්‍රමිකතා දැන් සොයාගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට පසුගිය කාලයේ ගොඩනැඟිල්ලක් ලබාගෙන තියෙනවා කෝටි 66ක තැන්පතු මුදලක් ලබාදී තිබෙනවා. සාමාන්‍යෙයන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. ඒක අරගෙනත් නෑ. දැනට එම බිල්ඩින් එක ඔවුන්ට භාරදීලා තියෙන්නේ. නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ.”
එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව ඉදිරි නීතිමය කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා පැවසීය.
එහිදී ලේකම්වරයා, වර්තමානයේ උද්ගතවී ඇති නාඩු සහල් හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
“මේ වන විට නාඩු සහල් සම්බන්ධව වෙළෙඳපොළේ හිඟයක් වාර්තා වෙනවා. ඔවුන් සඳහන් කරන්නේ වී ගැනුම් මිලත් එක්ක හාල් කිලෝ එකක් 220කට දෙන්නට බැහැ කියන කාරණය. සහල්, ළූණු සහ අනෙකුත් භාණ්ඩවල මිල තීරණය කිරීම සඳහා ඒ සම්බන්ධ නිලධාරීන් හෙට 11ට ජනාධිපති කාර්යාලයට කැඳවලා තියෙනවා. වී මිලදී ගැනීම සහ ඒවා සහල් බවට පත් කිරීම සම්බන්ධව රජයේ මැදිහත්වීමක් තිබෙන්න ඕන. එවිටයි යම් සහන වැඩ පිළිවෙලක් ජනතාවට ගෙන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය අංශයෙත් වෙළෙඳපොළ තුළ තරගකාරී සැපයීමේ හැකියාවක් ලැබුණොත් මිල පාලනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා.”
සබීතාගේ බිල්ඩින් එක කෘෂිකර්ම අමාත්‍යංශෙට ගනිද්දී කෝටි 66ක ඩිපෝසිට් එකක් තියලා! බැංකුවකින් බැඳුම්කරයක් අරගෙනත් නෑ! බිල්ඩිම බාර දීලා අවුරුදු ගාණක් ගියත් තවම ඩිපෝසිට් එක දීලා නෑ! VIDEO
2024-10-21T20:50:00+05:30
Gossip Lanka Hot News





