දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ මහනුවර දිස්ත්‍රික් ජන හමුවේදී අදහස් පළ කිරීමට ඇතැම් ආසන සංවිධායකවරුන්ට අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔවුන් යම් සිත් තැව්ලකට පත්ව ඇති බවයි.
මහනුවර ජනරැලියේදී සමගි ජන බලවේගයේ මුල් පෙල මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට පවා වේදිකාවේ අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දී තිබුණද දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයාට හෝ ජනතාව ඇමතීමමේ අවස්ථාවක් ලබාදී නොතිබූ බව පැවසේ.
තවද එම රැස්වීම ඇමතීමේ අවස්ථාව නොලැබුණු පිරිස අතර, පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ඇතුලත් බව වාර්තා වේ.
එම මන්ත්‍රීවරයාට ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයක දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සජබෙන් අවස්ථාවක් නොලැබෙනු ඇති බවට මතුව ඇති සැකය මත රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය දැක්වීම සඳහා සූදානමක පසුවන බවද එම ආරංචි මාර්ග පවසයි.