gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෙන අයගෙන් වැඩක් නෑ.අපි දෙන්නා විවාද කරමු. ජනපති අනුරට අභියෝග කරයි.

අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගයට  තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වැල්ලවායේ පැවැති ජනරැලියක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ ජනාධිපතිවරණයේ ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා තමන් සහ අනුර දිසානායක බවත් සෙසු කිසිවෙකුගේ විවාදවලින් රටට ඇති ප්‍රයෝජනයක් නැති බවත්ය.

රටේ ජනතාවට අවශ්‍ය වන්නේ විහිළුකාරයෙක් පත්කර ගැනීම නොවන බව පැවසූ ජනාධිපතිවරයා මේ මොහොතේ ජනතාව අතර සිටින ප්‍රධානතම අපේක්ෂකයින් දෙදෙනා පමණක් අදාළ විවාදයට සහභාගි විය යුතු බවද පැවසීය.

එබැවින්,ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට මත්තෙන් තමන් අනුර දිසානායක සමග සංවාද කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.

තැන තැන කරනු ලබන ප්‍රකාශ වලින් වැඩක් නැති බවත් හිටිවන කවි මඩු මෙන් තැන තැන කියවීමෙන් පලක් නැති බවත් එක තැනක සිට අදාළ සංවාදය කළ යුතු බවත් පසුගියදා ආනමඩුවේදී අනුර දිසානායක මහතා ද පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka