කියන හැම මඟුලම අහන් ඉන්න බෑ... මගේ ඉවසීමේ සීමාව පන්නගන්න එපා – නිපුණ රණවක
සිය පක්ෂයේ සිට ඉවත්ව ගිය පිරිස් කරනු ලබන චෝදනා සියල්ලට හිස නමා ඒවා පිළිගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉවසීමේ සීමාවක් ඇතැයි තමන් විශ්වාස කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක පවසනවා.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහභාගී වූ මාතර, පිටබැද්දර පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
සිය පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස රාජපක්ෂ පවුල මේ රට විනාශ කළ බවත්, එය ගොඩනැගුවේ රනිල් වික්‍රමසිංහ බවත් පවසමින් පත්කළ යුතු ජනාධිපතිවරයා කවුරුන්ද බව පවසන්නේ අධිකරණයෙන් වැරදිකරුවකු වූ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයෙක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
කියන හැම මඟුලම අහන් ඉන්න බෑ... මගේ ඉවසීමේ සීමාව පන්නගන්න එපා – නිපුණ රණවක
2024-09-02T13:18:00+05:30
Gossip Lanka Hot News






