බංගලාදේශයට අන්තවාදී ප‍්‍රහාරයක්... අඛණ්ඩ ඇදිරි නීතිය පනවයි!
දකුණුදිග බංග්ලාදේශයේ කග්රාචරි දිස්ත්‍රික්කයේ ආදිවාසී ගම්මානයකට 19 රාත්‍රී එල්ල වූ ප්‍රහාරයකින් ආදිවාසීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
අවි ගත් නාඳුනන මැර කල්ලියක් පැමිණ මේ ප්‍රහාරය එල්ල කර ඇති අතර, නිවාස රැසකට ගිනි තබා විනාශ කර ඇතැයි ද වාර්තා වේ.
ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් මේ පහරදීම සිදු කළ බවත්, ඔවුන්ට හමුදාවේ සහාය ලැබී තිබූ බවත් ආදිවාසීන් ප්‍රකාශ කර ඇති අතර, මේ වන විට එම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි ද වාර්තා වේ.
මිය ගිය පුද්ගලයන් තිදෙනාටම වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් තහවුරු වී නැති බව වාර්තා වේ.
මේ වන විට කග්රාචරි දිස්ත්‍රික්කයේ සාමය ආරක්ෂා කිරීමට හමුදාව යොදවා ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය.
– Dinamina
බංගලාදේශයට අන්තවාදී ප‍්‍රහාරයක්... අඛණ්ඩ ඇදිරි නීතිය පනවයි!
2024-09-21T10:05:00+05:30
Gossip Lanka Hot News






