මෙරට 09 වැනි විධායක ජනාධිපති තෝරාපත් කරගැනීම සඳහා තවත් පැය 20ක්ටත් අඩු කාලයක් තිබියදීත් වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව දූෂිත ගණුදෙනු කරමින් සිටින බව වාර්තා වේ.
මේ වනවිට ආණ්ඩුව විසින් ස්ථාපිත කරගන්නා ලද ජාතික ණය සහ ඇපකර ආයතනය (National Credit & Gurantee institution) මගින් හදිසි මිලිදී ගැනීමක් සඳහා එහි නිලධාරී මණ්ඩල රැස්වීමකදී තීරණය කර තිබේ. ඒ අනුව එම ආයතනයට ගොඩනැගිල්ලක් ලබා ගැනීමට යැයි සඳහන් කරමින් මාසිකය රුපියල් ලක්ෂ 7.5ක මුදලකට EDBNDB කුළුණේ 10වන මහළේ වර්ග අඩි 3000ක ඉඩක් අවුරුදු 05ක් සඳහා වර්ග අඩියක් රුපියල් 250 බැගින් කුළියට ලබා ගැනීමට තීරණය කර ඇත.
එය මිලදී ගැනීමේ ගිවිසුම ඉතාමත් කඩිමුඩියේ අදම (20) අත්සන් කිරීමටද සැලසුම් කර තිබේ.
- lankatruth
