ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් නාවලපිටිය, බව්වාගම පදිංචි අවුරුදු 41ක් වයසැති සැකකරු නාවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිට ඇත.
එහිදී සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පත්‍රිකාවක් එම පුද්ගලයා වෙත ලබාදී ඇති අතර එහිදී ඔහු එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊට උරණ වු ආසන සංවිධායකවරයා විසින් එම පුද්ගලයාට පහරදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අනතුරුව සංවිධායකවරයාගේ පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව නාවලපිටිය පොලීසිය විසින් සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන ඇත.