gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉලෙක්ෂන් කෙළිය නිසා ගිනි කෙළි නිශ්පාදකයින්ට රජ මගුල්… පුදුම හිතෙන අලෙවියක් ගැන ගිනි කෙළි නිශ්පාදකයෝ කියති!

මැතිවරණ සමය ආරම්භ වීමත් සමගම රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ගිණිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසයි.

වෙනත් වසරවල මෙම වකවානුව තුළ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි අලෙවිය ඉතාමත්ම අඩු මට්ටමක පවතින බව පවසන ඔහු මෙම කාලය තුළ රතිඤ්ඤා නිෂ්පාදකයින් සිදුකරනුයේ තම නිෂ්පාදනයන් සිදුකර ඉදිරියේ එන නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගබඩාකර තබා ගැනීම බවද කීය .

එහෙත් ජනාධිපතිවරණය ප්‍රකාශ වීමත් සමගම හා ප්‍රචාරක රැළි ආරම්භ වීමත් සමග රතිඤ්ඤා සහ මල් වෙඩි අලවිය ඉතා ඉහළ ගොස් ඇතැයි දිනේෂ් මහතා පැවසීය .

මෙම තත්ත්වය නිසා මේ දිනවල මැතිවරණ රැලි සංවිධායකයන් රතිඤ්ඤා සහ මල් වෙඩි මිලදී ඇතුළු අනිකුත් ගිනි කෙළි මිලදී ගැනීම සඳහා කිඹුලා පිටිය ප්‍රදේශයට විශාල වශයෙන් පැමිණෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

මේ අතර කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදකයින් පවසන්නේ තම නිෂ්පාදනයන් රැගෙන ගොස් අලවි කරන වෙළඳුන්ද මේ වන විට රතිඤ්ඤා , මල් වෙඩි ,ඇතුළු අනෙකුත් ගිනිකෙළි භාණ්ඩ විශාල ලෙස අලවිය සඳහා රැගෙන බවය.

එසේම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වන විට දැල්වීම සඳහා රතිඤ්ඤා , අහස් කූරු , මිලදී ගැනීම සඳහා කල්වේලා ඇතිව පාරිභෝගික ජනතාව ද පැමිණ මිලදී රැගෙන යන බව රතිඤ්ඤා නිෂ්පාදකයින් වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka