විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර රජයෙන් ලබාදුන් සියලුම වාහන සහ අමාත්‍යාංශය විෂය පථයට අයත් සියල්ලම භාරදී අමාත්‍යාංශයෙන් ඉවත්ව ගොස් ඇත.
සිය අමාත්‍යාංශයෙන් ඉවත්ව යන විටදී වඩා ශක්තිමත් මූල්‍ය තත්ත්වයන් සහ විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීමට ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව එය භාර දුන් බව ඔහු සටහනක් තබමින් සදහන් කර ඇත.
මේ වනවිට රටේ සියලුම ආයතන යම් කිසි අයුරකින් ධනාත්මකව පවතින බවත්, එහි සේවාවන් සඳහා පිරිවැය අයකර ගැනීම, සැපයුම්කරුවන් සඳහා නියමිත වේලාවට ගෙවීම් කිරීම, හිඟ ණය සඳහා සේවා සැපයීම සහ එය උපයන අමතර ආදායමෙන් භාණ්ඩාගාරයට සැපයීම සහ සහාය වීම යනාදී කටයුතු සිදු කර ඇති බවද ඔහු සදහන් කර ඇත.