නව ජනපති සම්බන්ධයෙන් සුභවාදී අපේක්ෂාවක්... කොටස් වෙළඳපොළේ ක්ෂණික ඉහළ යෑමක්!
ඊයේ (18) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළ සුවිශේෂී වර්ධනයක් පෙන්වූ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 43.14කින් වර්ධනය වී ඒකක 10826.24ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඊයේ දිනයේ කොටස් වෙළඳපොළ සමස්ත වෙළඳ පිරිවැටුම රුපියල් මිලියන 931ක්. ලෙස සටහන් විය.
කෙසේවෙතත්, රට තුල දේශපාලනමය පරිවර්තනයක් සිදුවීමට දින දෙකක් තිබියදී කොටස් වෙලඳපොළ වර්ධනයක් පෙන්වීම සිවිශේෂී තත්වයක් බවත් එය පත්වන නව ජපති සම්බන්ධයෙන් සුභවාදී අපේක්ෂාවක් බව කොටස් වෙලඳපොල ආර්ථික විශ්ලේශක එස්.කේ සන්ජය බන්ඩාර මහතා පැවසීය.
නව ජනපති සම්බන්ධයෙන් සුභවාදී අපේක්ෂාවක්... කොටස් වෙළඳපොළේ ක්ෂණික ඉහළ යෑමක්!
2024-09-19T08:24:00+05:30
Gossip Lanka Hot News






