තමාට ශක්තිය තිබෙන අවසාන කාලයේ ට ඇතිවෙන්න හෝ නැතිවෙන්න හෝ මේ රජයට උපරිම සහයෝගය ලබාදෙන බව ප්‍රකට ව්‍යාපාරික අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන අද ප්‍රකාශ කළේය. අසාධාරණයට, අයුක්තියට, දූෂණයන්ට, එරෙහිව සටන් කළ පක්ෂයක් වර්තමානයේ බලයට පත්ව ඇති බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ යහපත් වැඩපිළිවෙළට තමා සහයෝගය දක්වන බවත් ප්‍රකාශ කල ඩඩ්ලි සිරිසේන එහිදී තමන්ට එළඹිය හැකි ප්‍රවේශයක් ලෙස සහල් පාලන මිලට ලබා දීමට කටයුතු කරනවා මෙන්ම අනෙක් සහල් ව්යාපාරියන්ද සම්බන්ධ කරගෙන එය ලබන ජනවාරිය තෙක් තෙමසක් පවත්වාගෙන යෑමට සහතිකවන බවත් පැවසුවේය.
“මේ ආර්ථිකය ගොඩනගන්න පාලන මිලට සහල් දීමෙන් හෝ ගොවියට සහන දීමෙන් බෑ… ඒ්ක අප රජයටත් තේරුම් කරනනවා… මා මේ ස්ථාවරවරයට පිවිසෙන්නේ හේතුවක් ඒක්ක. , රටේ ආර්ථිකය ගොඩනගන්න මෙතෙක් පැමැණි කිසිම ආණ්ඩුවකට පුලුවන්කමක් තිබුණෙ නෑ… දැන් හිතන්නේ සියලු දෙනාගේ වගකීම වන්නේ රට ගොඩනැගීමට වත්මන් රජය සමඟ එක්වීමයි කියලා. ”
“බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිදා සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම මා අනෙකුත් ව්‍යාපාරිකයන් සමග එක්ව 28 වෙනිදා සිට සියලුම පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් ලබාදීමට එකඟත්වය ලබාගෙන තිබෙනයි මේ කතා කරන්නේ. වී සහ සහල් මිල සම්බන්ධව මට ඕනෑම අවස්ථාවකට ඕනෑම රජයකට විරුද්ධව කතා කිරීමේ අයිතියක් තිබෙනවා…. මම මේ වෙනුවෙන් මගේ ජිවිතය කැප කළ මිනිහෙක්. ”
“අපි කියන්නේ රජයක් කර්මාන්තකරුවන් සමග ව්‍යවසායකයින් සමග ඒකතු වෙලා ගොවිජනතාව පාරිභෝගිකයා ආරක්ෂා කරගෙන කර්මාන්තය සංවර්ධනය කිරීමට එක් විය යුතුයි. උදාහරණයක් කියන්නම්. ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩි පිරිසක් නාඩු සහල් පාරිභෝජනය කරන කරකනවා. සම්බා, නාඩු, කිරි සම්බා, වගා කිරීමේ වාසි අවාසි රැසක් තියනවා. රජය මේ අවස්ථා ගැන පරික්ෂණ කළ යුතුයි. ගොවින්ට කුඹුරෙහි විවිධ වී වර්ග වගා කිරීමට රජය වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. කර්මාන්තකරුවා සමග ඒ් අස්වැන්න නිසි ආකාරයට කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක ද රජය සිටිය යුතුයි.” ඩඩ්ලි සිරිසේන කීවේය.
මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසුවේ ඩඩ්ලි සිරිසේන මහමැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇතිද යන්නය.
මට මීට පෙර මැතිවරණවලට ඉදිරිපත් වෙන්න අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවල ඉදිරිපත් මං ඉදිරිපත් වුනේ නෑ… ඒ්ක මගේ කාර්යය නොවෙයි. . මෙවර මහ මැතිවරණයට මොන පක්ෂයෙන් ඉදිරිපත් වුනත් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඕනෑම කෙනෙක් මට මානාපයක් දේවි.
ඒ්ත් මහ මැතිවරණය සඳහා තරග වැදීමක් ගැන මට හීනෙන්වත් පේන්නේ නෑ… ඩඩ්ලි කීවේය.
-lankasara