gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත. 
ඊශ්‍රායල හමුදාව ඊයේ (27) ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්කයකට ප්‍රහාර එල්ල කළේය. හසන් නසරැල්ලා මියගොස් ඇත්තේ එම ප්‍රහාරයෙනි.

ඊශ්‍රායලය පසුගිය කාලයේ එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමී සංවිධානයේ නායකයන් බොහෝ දෙනකු ඝාතනය කළත්, නසරැල්ලා ඝාතනය කිරීම එසේ මෙසේ සිදුවීමක් නොවනු ඇති බවත්, මෙය මහා යුද්ධයක පෙර නිමිත්තක් බවත් ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හසන් නසරැල්ලා 1960 වසරේ දී බීරූට් අගනුවර, බොරූජ් හැමෝද් පළාතේ උපත ලබා ඇත. නස්රල්ලාගේ පවුලේ 9 දෙනෙකි. වැඩිමලා හසන් නසරැල්ලා ය.   

ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන යුද්ධයේ දිගුවක් ලෙසය. හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය නොඅඩුව හිමිවෙයි.

හිස්බුල්ලා සංවිධානය, දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටෙන්නේ හිස්බුල්ලා සන්නද්ධ අංශයයි.

‘හිස්බුල්ලා’ යනු අරාබි බසින්, ‘දෙවියන්ගේ කණ්ඩායම’ යන අර්ථයයි.

හිස්බුල්ලා සංවිධානයේ ආරම්භය සිදුවූයේ ලෙබනන් සිවිල් යුද සමයේදීය.

1982 දී, ලෙබනනයේ බීරූට් අගනුවර ඊශ්‍රායලය විසින් අල්ලා ගනු ලැබ තිබුණි. 2000 තෙක් දකුණු ලෙබනනය පැවැතියේ ද ඊශ්‍රායලයේ ග්‍රහණයේය.

හිස්බුල්ලා සන්නද්ධ අංශය පිහිටුවීම සිදුවූයේ ඉරාන විප්ලවීය හමුදාවේ මැදිහත් වීමෙනි. ඒ, ඊශ්‍රායල හමුදා සමඟ සටන් වැදීමටය.
-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka