ඊශ්‍රායලය ලෙබනනයට කවුරුත් නොහිතන ප්‍රහාරයක් එල්ල කරයි! ඊයේ ඉණේ ගහගෙන යන ‘පේජර්’ පුපුරන්න පටන් ගත්තා! අද කනේ තියාගෙන ඉන්න ‘වෝකි ටෝකි’ පුපුරන්න පටන් අරන්! හිටිහැටියේම රට පුරා මිනිස්සු මැරිලා වැටෙන්න පටන් අරන්!
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය.
එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.
(ඒ.එෆ්.පී.)
ඊශ්‍රායලය ලෙබනනයට කවුරුත් නොහිතන ප්‍රහාරයක් එල්ල කරයි! ඊයේ ඉණේ ගහගෙන යන ‘පේජර්’ පුපුරන්න පටන් ගත්තා! අද කනේ තියාගෙන ඉන්න ‘වෝකි ටෝකි’ පුපුරන්න පටන් අරන්! හිටිහැටියේම රට පුරා මිනිස්සු මැරිලා වැටෙන්න පටන් අරන්!
2024-09-19T08:05:00+05:30
Gossip Lanka Hot News