රාජ්‍ය ඇමති නිවසින් එළවයි!
කිසිදු අවසරයකින් තොරව අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල “හෙන්ෆොල්ඩ්” වතුයායේ පිහිටි නිල නිවස සියලු භාන්ඩ සමග නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට බාර දී ඇත.
වතු අධිකාරිවරයාට එම නිවස යළිත් බාර දෙන ලෙස නුවරඑලිය දිසා විනිසුරුවරියගේ නියෝගයකට අනුව අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවසට පැමිණ එහි තිබු සියලු භාන්ඩ ලේඛණගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට බාර දී ඇත.
අරවින්ද කුමාර් 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කර ඇති අතර එම කාලයේ වතු පාලන අධිකාරිය, නිල නිවස වශයෙන් භාවිතා කිරිමට මෙම නිවස ලබා දි ඇත.
අරවින්ද කුමාර් එම වතුයායෙන් ඉවත් විමෙන් පසු ඔහුට ලබා දි තිබු නිල නිවස ආපසු වතු අධිකාරියට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැදි සිටීමට එරෙහිව වතු පාලන අධිකාරිය විසින් නුවරඑලිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේය.
රාජ්‍ය ඇමති නිවසින් එළවයි!
2024-09-06T06:45:00+05:30
Gossip Lanka Hot News






