gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් වික්‍රමසිංහට රාජ්‍ය සේවකයින් තැපෑලෙන් උගන්නපු පාඩම ගැන අනුර කියයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දිනකට පෙර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන වට්ටෝරු ඉදිරිපත් කරන, ගොවි ණය මුලුමනින්ම කපා හරින බවට පොරොන්දු වෙන රනිල් වික්‍රමසිංහ වැනි නායකයින් අතීත ලෝකයක ජීවත් වන මොනතරම් පරණ නායකයින්දැයි ප්‍රශ්න කළ අනුර කුමාර දිසානායක මේ නායකයින්ට තැපැල් ඡන්දය නිමා වන දින තුන තුළ දී තැපෑලෙන් පාඩමක් උගන්වා ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ  ඊයේ  (06) ගලෙන්බිඳුනුවැව පැවති ජන රැළිය අමතමිනි.

මෙවර තැපැල් ඡන්දය අතිශය බහුතරයක් ජාතික ජන බලවේගයට ලැබුණු බව පැවසූ ජාතික ජන බලවේගයේ නායකයා තම පක්ෂය වෙත රාජ්‍ය සේවකයින් තැබූ විශ්වාසය අංශුවකින් හෝ පළුදු වීමට ඉඩ නොදෙන බවට සහතික වුනේය.

පොලිිසය ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට දේශපාලනයෙන් තොර රැකියාව කිරීමේ නිදහසක්, සියලු දීමනා නිසි පරිදි ලබා දෙන පරිසරයක්, . සෑම මාස හයකටම ජිවන අංකය දෙස බලා ලබා දෙන වැටුප් වර්ධකයක් සම්බන්ධව ජාතික ජන බලවේගය සහතික වුනේය.

රනිල් යාපහුවට ගිහින් කිව්වා සජිත්ට ගහන කතරියක් අනුරට ගහනවා හා සමානයි. සජිත්ට කතිරයක් ගහනකොට ජාතික ජන බලවේගය උඩට යනවා. ඒ නිසා සජිත්ට ගහන කතිරයක් අනුරට ගැහුවා හා සමානයි කියලා.

ගාල්ලට ගිහින් සජිත් කියනවා රනිල්ට ගහන කතිරයක් අනුරට ගැහුවා හා සමානයි කියලා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නෙ එක එක අය හරහා අපට කතිරය ගහන්න එපා. අපට කෙලින්ම ගහන්න. ඡන්ද පත්‍රිකාව ගත්තම තිස් නවයක නම් තියනවා. හැබැයි අංක නෑ. 16 වැනි නම. සලකුණ තියනවා මාලිමාව. හරියට කතිරෙ ගහන්න.

මෙච්චරකල් ආන්ඩු හැදුවා. ඒ අය ගැන දැන් වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ. අපි දශක ගානක් තිස්සේ කතා කරලා අපි ඒ අය ගැන හෙළිදරව් කරලා ඉවරයි. ඉස්සර ලොකු ලොකු වාහනවල ඇවිත් ඇඟිලි පහේ මුදු දාගෙන කඹ වගේ බ්ලේස්ලට් දාගෙන ලස්සන ඇඳුම් ඇඳන් බහින වෙලාවට හිතුවා ශ්‍රි කාන්ත ලීලාවෙන් එන පාලකයෙක් කියලා. කානුවට බහිනවා. කොන්ද නැමෙනවා.

ඒ ඉස්සර. දැන් ඒ විදිහට එනකොට දන්නවා පට්ට හොරෙක් කියලා. එස්.එම්. චන්ද්‍රසේන ගැන දන්නෙ නැද්ද අනුරාධපුරේ. ඒගොල්ල හැදුනේ කොහොමද කියලා අපි දන්නවා. හොරකම් කරලා හැදුනේ. මේ ගොල්ල සම්බන්ධව අපි හෙලිදරවු කරලා තියනවා. අපි 21 න් පස්සේ බලය අරගෙන කරන කටයුත්ත දැන් සාරාශයක් වශයෙන් කියන්නම්.

මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අන්තර්කාලයේ දී ව්‍යවස්ථාව අනුව අපි පාලනය කරනවා. අපට ඇමතිකම් බෙදා ගන්න පුලුවන්. ජනාධිපතිවරයාට සියලු විෂයන් පවරා ගන්න පුලුවන්. එහෙම නැතිනම් භාරකාර ආන්ඩුවක් හදන්න පුලුවන්.

අපට පුලුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊලඟ ඡන්දය එනකම් ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන්න පුලුවන්.

හැකි ඉක්මනින් ඊලඟ ඡන්දය තියනවා. ඊලඟ මහ ඡන්දය කලා වැවේ සොරොව්ව ඇරියා වගේ. ගහගෙන එන්නේ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් තුනෙන් දෙක්ක ලබන සැරේ පාර්ලිමේන්තුවෙ නෑ. මේ දෙසීය විසි පහෙන් අනිවාර්යයෙන් 150ක් ගෙදර.

“ගහන්නේ ජනාධිපතිවරණයට කතිරේ. ප්‍රතිඵල එන්නේ පාර්ලිමේන්තුවටත් එක්ක. ලේසි නෑ…”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka