මේ වනවිට මැතිවරණය ඉලක්ක කරගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඕනෑම තැනක පැවැත්වෙන මැතිවරණ රැස්වීම් සඳහා ජනතාව සපයන නව “මෑන් පවර් ” ව්‍යාපාරයක් කොළඹ ආරම්භ වී ඇති බව ජනාධිපති ධූර අපේක්ෂක හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි. හිටපු අධිකරණ ඇමතිවරයා මේ බව හෙළි කළේ අද (13) උදෑසන ඔහු මල්වත්ත මහා විහාරයට ගොස් මල්වතු මහා නායක හිමියන් බැහැදුටු අවස්ථාවේ දී මල්වතු මහා නායක හිමියන් ඉදිරියේ දී ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ රැස්වීම පවත්වන ස්ථානය අනුව පුද්ගලයෙක් සඳහා අය කරන මිල ගණන් වෙනස් වන බවත්, සාමාන්‍යයෙන් කොළඹ අවට රැස්වීමක් සඳහා ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම් පුදගලයා වැඩි වෙලාවක් රැස්වීමේ රඳවා ගත යුතු නිසා රුපියල් 3000ක් ද අනෙක් සාමාන්‍ය අපේක්ෂකයෙකුගේ කෙටි රැස්විමක් සඳහා රුපියල් 1500ක් ද අය කරන බවය.
සාමාන්‍යයෙන් පුද්ගලයින් 1000 සිට 5000 දක්වා ප්‍රමාණවලින් මැතිවරණ රැළි සඳහා සැපයීමට මෙම මෑන් පවර් ආයතන ඇනවුම් භාර ගන්නා බවද හිටපු අධිකරණ ඇමතිවරයා මල්වතු මහා නායක හිමියන්ට පැවසුවේය.