පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහල පලකිරීම සඳහා එක්විය.
ඊයේ (26) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ඔහු හමුවී ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තාවේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමලවීර මහතා සඳහන් කර සිටියේ රට ගලවා ගත හැකි නායකයා රනිල් නම්, දේශපාලන මතිමතාන්තරයන්ගෙන් තොරව මේ මොහොතේදී වැල් පාලමෙන් ශ්‍රී ලංකාව එතෙර කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදිය යුතු බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසූවේ නාමල් රාජපක්ෂ මහතාට තව වසර දහයකින් හෝ ජනාධිපති විය හැකි බවත් දේශපාලන පැණි කතා, සාහිත්‍යය කොපමණ ඇතත් ප්‍රායෝගිකව මේ මහපොළොවේ යථාර්ථය තේරුම් ගත් මිනිසා රනිල් වික්‍රමසිංහ බවත්ය.