ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතා ඊයේ (28) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සඳහා පැමිණ තිබුණා.
ඒ පිළිබදව මාධ්‍යවේදීන් විමසන අවස්ථාවේදී මාධ්‍ය මඟහැර උදිත ලොකුබණ්ඩාර මහතා පලායන අයුරුද දක්නට ලැබුණා.
හිටපු කතානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලකයෙකු වූ විජමු ලොකුබණ්ඩාරගේ දෙවන පුත්‍රයා වූ උදිත් ලොකුබණ්ඩාර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වී 2015 වර්ෂය දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.
2015 මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වීමත් සමඟ උදිත් ලොකුබණ්ඩාර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළා.
එම කාලයේදී මාධ්‍ය ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා උදිත් ලොකුබණ්ඩාර මහතාට ‘මෝඩ යකෙක්’ ලෙස බැණ වැදුණු අතර එයට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් හිමිවූවා.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට පත් කෙරුණා.
පසුව ඔහුට චෝදනා එල්ලවුණේ ස්වංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට අයත් ගිණුමකින් වරින් වර රුපියල් මිලියන 30 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවටයි.