ශ්‍රේෂ්ඨාධිකරණය මන්ත්‍රීකම්වලින් පන්නපු හරීන්-මනූෂ ගැන මැතිවරණ කොමිසම ඇහැ ගහගෙන! රජයේ වාහන-වරප්‍රසාද අරන් අපේක්ෂකයෙක් පුම්බන්න හැදුවොත් වැඩ වරදී!
පසුගියදා ජනාධිපති වික්‍රමසිංහ විසින් හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කෙරුණා. මේ සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔවුන් දෙදෙනා මැතිවරණ කටයුතු සඳහා තම වරප්‍රසාද අවභාවිත කරන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවන බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L.රත්නායක ප්‍රකාශ කළේ, පසුගියදා ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පත්වීම් සම්බන්ධයෙන් ද පැමිණිලි රැසක් ලැබී ඇති බවයි. අපේක්ෂකයෙකු වුවද, පත්වීම් ලබාදීමේ ව්‍යවස්ථාමය බලය ජනාධිපතිවරයා සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති වරයා කියා සිටිනවා. නමුත් ඉහත කී හිටපු අමාත්‍යවරුන් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා වාහන වැනි වරප්‍රසාද භාවිතා කරන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවද සභාපතිවරයා කියා සිටිනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මන්ත්‍රීකම්වලින් පන්නපු හරීන්-මනූෂ ගැන මැතිවරණ කොමිසම ඇහැ ගහගෙන! රජයේ වාහන-වරප්‍රසාද අරන් අපේක්ෂකයෙක් පුම්බන්න හැදුවොත් වැඩ වරදී!
2024-08-27T08:36:00+05:30
Gossip Lanka Hot News





