සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
එහිදී සංවේදී කතාවක් සිදුකළ මන්ත්‍රීවරිය ජාතික ජන බලවේගය ශක්තිමත්ව ගොඩ නැගෙමින් ඉදිරියට එන මොහොතක එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී විනාශය කරා ගමන් කරමින් සිටිනා බව පෙන්වාදුන් අතර, එම විනාශකාරී පරාජය සිදුවීමට පෙර තමා තීරණයක් ගෙන ඉවත්වන බවද අවධාරණය කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,
“එදා 3% ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය ලෙසින් පුළුල් දේශපාලන කඳවුරක්ව ගොඩ නැගෙමින් පවතින අවස්ථාවක, එදා මේ රටේ තිබූ දැවැන්තම දේශපාලන පක්ෂය සහ කඳවුර වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී ඇත්තේ ඇයි යන කාරනාව අපේ හිතේ නිතරම වැඩ කරනවා.
අද අපේ කඳවුරේ නායකයත්, නියෝජ්‍ය නායකයත් දෙදෙනාම තරඟකරුවන් වෙළා, ඉතින් එකම කඳවුර දෙකට බෙදිලා දෙන්නෙක් තරඟ කරනවා කියන්නේ දැන දැනම කරන ඔලමොට්ටල වැඩක් නෙවේද.
ස්භාවදර්මය විසින්ම සියළු බාධක ඉවත්කර අපේ නිසැක ජයග්‍රහණය බන්දේසියක තබා පිලිගන්නවා තිබියදී ඇයි එය අපි ප්‍රතික්ෂේප කරන්නේ, ඇයි අපිට මේ සරල සත්‍ය තේරුම්ගන්න බැරි, ඇයි මේ අනවශ්‍ය අවධානමක් ගත්තේ, අපේ කඳවුරෙන් දෙදෙනෙක් තරඟකිරීමට ගත් තීන්දුව නිසා ජනාධිපති වීම කෙසේවෙතත් මේ පාර පැරදුනොත් අපි සියලු දෙනාටම දේශපාලනයේ සියදිවි නසාගැනීමක් බව මගේ හැඟීමයි.
ගරු කතානායකතුමනි ඇයි අපට මේ තිත්ත ඇත්ත තේරුම්ගන්න බැරි.”