gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාමල් පුතේ මුරන්ඩු වෙන්න එපා, අපි ආයෙ පොහොට්ටුවට එනවා... චන්ද්‍රසේන කියයි

ඊයේ (9) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසා සිටියේ තමා ජීවිතය ඇතිතාක් ගරු කරනා දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ බවයි.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නිමා කළ බැවින් තමා ඔහුට ගරු කරනා බවත් එමෙන්ම අරගලයෙන් රට ආරක්ෂාකළ නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුටද එකසේ ගරු කරනා බවත් චන්ද්‍රසේන මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම මේ මොහොතේ අනුවන ක්‍රියාවක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දී ඔහු නැවත ජනාධිපති කිරීම විසඳුම බවත් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එමෙන්ම, ඔහු වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතාට හිතුවක්කාර නොවන ලෙස තමා ඉල්ලා සිටින බවත්, නාමයෝජන බාර නොදී තීරණය වෙනස් කිරීමට තවමත් කල් ඇති බවයි.

එසේ සිදුකරන්නේ නම්, තමා ඇතුළු පොහොට්ටුවෙන් ඉවත්වූ සියල්ලන් නැවතත් පක්ෂයට සම්බන්ධ වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka