ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්වේ!
ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වෙනවා.
ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී එම කටයුතු සිදුවන බවයි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවීමට නියමිතයි.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්වේ!
2024-08-26T10:16:00+05:30
Gossip Lanka Hot News





