gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්, සජිත්, අනුර, නාමල් ජනාධිපතිවරණයට කෝටි 350 බැගින් වියදම් කරන්න අනුමැතිය ඉල්ලයි

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් වියදම් කිරීමට අනුමතය ඉල්ලා සිටි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි මුදල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී පැවති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම කරන ලද බවද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

මෙම අපේක්ෂකයන් කිසිවෙකුට රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් ඇති අය නොවන බවද පැවසූ ඔහු ඔවුන්ට රුපියල් කෝටි 350ක පමණ මුදලක් ඉදිරි ජනාධිපතිවරණයට වියදම් කළ හැක්කේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න කල යුතු බවද කියා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා ඔහු මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka