ජනතා විමුක්ති පෙරමුණේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රවණාබාධිත කාන්තාවකට අතවර කිරීමේ පැමිණිල්ලකට අදාළව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනක මොහාන් නැමැති පුද්ගලයෙකි.
පොලිසිය සඳහන් කරන්නේ අදාළ පුද්ගලයා කාන්තාවට මීට පෙරද කිහිප වරක් අතවර සිදුකර ඇති බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඇයට තර්ජනය කර ඇති බව ඇයගේ පියා පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි.
මෙම සැකකරු ජාතික ජන බලවේගය යටතේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාම යෝජනා බාර දී ඇත්තේ කණ්ඩායම් නායක ලෙසයි.