කෘතිම බුද්ධිය අවභාවිතා කරමින් ජනාධිපතිවරණ සමයේ සමාජය නොමග යැවීම ඇතුළු සදාචාරත්මක නොවන ව්‍යසනකාරී සිදුවීම්වලට ජනතාවට මුහුණ දීමට සිදුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ සම්මානිත මහාචාර්ය එච්.එම් ආර්.ඩී.හේරත් පැවසීය.
බොහෝ අවස්ථාවල දේශපාලන අධිකාරිය ඡන්ද දිනය ආසන්න වන විට තමන්ට බලය නතු කර ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගන්නා බවත් , ඒ වන විට සිය විරුද්ධ පාර්ශ්වයන්හි වැරදි මතුකර පෙන්වීමට කටයුතු කිරීම සුලබ කාරණයක් බැවින් කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ඇති පසුබිම එහි තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැදගත් බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
බොහෝවිට ග්‍රාමීය ජනතාව සියැසින් දකින දෙය පිළිබඳ ව පූර්ණ විශ්වාසයේ තබන බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමක් නොකොට විශ්වාසයන් ඇති කරගන්නා බවත් කී මහාචාර්යවරයා එහෙයින් මැතිවරණ ව්‍යාපාරවලදී මෙහි අවාසි සහගත බව වැඩිවන බවද පෙන්වා දුන්නේය.
ලෝකයේ දැනුම විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමට කෘතිම බුද්ධිය යොදා ගත හැකිවීම තාක්ෂණ ලෝකයේ ජයග්‍රහණයක් වුවද බිම් මට්ටමේ ජනතාව සමග ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජනතාව නොමග යැවීමට ඇති ඉඩ අහුරා තබා සත්‍ය කුමක්ද යන්නෙ ජනතාවට අවබෝධ කර දිය හැකි පරිසරයක් සැකසීම රටේ විද්වතුන්ගේ වගකීම බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
කෘතිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධයෙන් සහ දේශපාලන වාතාවරණය තුළින් කෘතිම බුද්ධිය හැසිරවීමෙන් සිදුවන සමාජ විපර්යාසයන් සම්බන්ධයෙන් අද 31දා මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකදී සමාජ විද්‍යාංශයේ සම්මානනිත මහාචාර්ය හේරත් මේ බව ප්‍රකාශ කළේය.