රනිල්ගේ කෝට් බෑයේ හැංගෙන හොරුන්ට අණතුරු ඇඟවීමක්.. තව දින 45කින් දෙවියන් වහන්සෙටවත් බේරන්න බෑ!
ඊයේ (9) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ රනිල්ගේ කෝට් බෑය අස්සේ හැංගෙන හොරුන්ට දූෂිතයන්ට බේරීමට ඇත්තේ තවත් දින 45ක් පමණක් බවයි.
ඉදිරි රජයක් යටතේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයේ නඩු ගොනුකර වරදකරුවන් සඳහා නියත වශයෙන් දඬුවම් ලබාදෙන බවත් රනිල්ට තබා දෙවියන් වහන්සේටවත් එය නැවැත්වීමට නොහැකි බවත් ජයතිස්ස මහතා අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ දින 45ක් සැඟවී සිටීම ඵලක් නොවන බවත් නැවත කඩිනමින් එළියට ගන්නා බවත්ය.
රනිල්ගේ කෝට් බෑයේ හැංගෙන හොරුන්ට අණතුරු ඇඟවීමක්.. තව දින 45කින් දෙවියන් වහන්සෙටවත් බේරන්න බෑ!
2024-08-10T08:45:00+05:30
Gossip Lanka Hot News






