EXCLUSIVE : ප්‍රබල දේශපාලකයෙක්ගේ ගිණුමට කෝටි ගණනක සල්ලි ඇවිත්! ෆයිල් එක අනුර අතට! තවත් ප්‍රබල දේශපාලඥයෙක් අක්කර 3ක ඉඩමයි ගෙයයි කොළඹ 7න් අරන්! ෆයිල් එක සජිත් අතට!
පසුගිය වසර දෙක තුළ සිදුවූ මහාපරිමාණ දූෂණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුළත් අතිශය රහසිගත ලිපිගොනු කිහිපයක් මේ වනවිට විපක්ෂයේ ප්‍රධානීන් අතට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී තිබේ.
මෙහිදී ප්‍රබල දේශපාලනඥයකුගේ ගිණුමකට රුපියල් කෝටි ගණනක මුදලක් බැරවී ඇති ආකාරය පිළිබඳ වූ තොරතුරු ඇතුළත් ලිපිගොනුවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලැබී ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව කොළඹ 07 අක්කර තුනක භූමියක පිහිටි දැවැන්ත මන්දිරයක් තවත් ප්‍රබල දේශපාලනඥයකු විසින් මිලදී ගැනීමට අදාළ ලිපිගොනුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබී ඇති බවද වාර්තා වේ.
ඒ අනුව, ඉදිරි කාලසීමාවේදී මෙම දූෂිත ගනුදෙනුවලට එරෙහිව විපක්ෂ නායකවරයා විසින් සහ අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මව්රට
EXCLUSIVE : ප්‍රබල දේශපාලකයෙක්ගේ ගිණුමට කෝටි ගණනක සල්ලි ඇවිත්! ෆයිල් එක අනුර අතට! තවත් ප්‍රබල දේශපාලඥයෙක් අක්කර 3ක ඉඩමයි ගෙයයි කොළඹ 7න් අරන්! ෆයිල් එක සජිත් අතට!
2024-08-31T09:06:00+05:30
Gossip Lanka Hot News






