gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී පාස්කු නඩුවෙන් නිදහස්!

පසුගිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණ විසින් ගෙවීමට නියම කල රුපියල් මිලියන 100ක වන්දිය මේ වනවිට ගෙවා අවසන් කර ඇති බව වාර්තා වේ.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ත්‍රස්ත ප්‍රහාර මාලාව වැළැක්වීමට කටයුතු නොකිරීම මත හිටපු ජනාධිපති වරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ලැබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමෙන් අනතුරුව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන් වරද කරුවන් බවට තීරණය කළේය.

ඒ අනුව අධිකරණ විසින් නියම කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10ක් ලෙස මුදල් වන්දි වින්දිතයින්ට ගෙවිය යුතු බවයි.

හිටපු ජනාධිපතිවරයාට ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල 2024.08.16 වනදා සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බව වාර්තා වන අතර ඔහු විසින් ගෙවීමට තිබූ රුපියල් මිලියන 100ක වන්දි මුදල කොටස් 7කින් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇතැ.

හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයවලුන්ද ඔවුන්ට නියමව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව පැවසේ.

නමුත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අයවලුන් සිය වන්දි මුදල් මෙතෙක් ගෙවා අවසන් කර නොමැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka