ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පසුගියදා අනුරාධපුර පැවති ජනාධිපති ධූර නාමල් රාජපක්ෂ මහතාගේ මංගල රැලිය සඳහා සල්ගාදු ක්‍රීඩාංගණය ලබා නොදීම සම්බන්ධව තමාට එල්ල කළ චෝදනා සාවද්‍ය බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ බදුල්ලේ සිට ආ වාචාලයා සහා අම්පාරේ වාචාලය එක්ව තමා ක්‍රීඩාංගණය ලබා නොදීමට කටයුතු කළ බවට මඩ ප්‍රහාර එල්ල කළද ඒ සම්බන්ධව තමාගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවූ බවයි.
කෙසේවෙතත් තමා ඒ පිළිබඳ නාගරික කොමසාරිස්වරයාගෙන් විමසූ විට සෑම වර්ෂයකම පවත්වන පොත් ප්‍රදර්ශනයක් වෙනුවෙන් එම කාලසීමාව වෙන්කර ඇති බැවින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ක්‍රීඩාංගනය ලබාදීමට නොහැකි වූ බව කොමසාරිස් වරයා පැවසූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා පවසා සිටියේ තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් පිළිබඳව කලකිරී සිටිනා බවත් එම සැලුන්දරෙන් නැවත කිසි දිනක ඇතුලට යෑමට බලාපොරොත්තු නොවන බවත්ය.