gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට ගනී!

කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසයි.

මූලාශ්‍රය – ලංකාදීප 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka