සමගි ජන සන්ධානය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.
සමගි ජන සන්ධානය යනු වෙන්වී සිටි එකම කට්ටිය යළි යළිත් එකතුවීම සිදුවීමක් පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.
සිදුවූ එකම වෙනස සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම සන්ධානයෙන් ඉවතට ගොස් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළට පැමිණීම පමණක් බවද සදහන් කරයි.
මෙම සන්ධානය ගැන පැවසිය හැක්කේ කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කොබෙයියා යැයි කියා පමණක් බවද මන්ත්රී අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කරයි.