“නාමල් බේබි අවසන් මොහොතේ රනිල් ලගට” - දමිතා රනිල්ගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවයි!
එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීමට අවසන් මොහොතේ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට ඉඩ ඇති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සදහන් කරයි.
පසුගිය සාටක යුගයේ පොහොර ටිකෙන් හොරා කාපු, සීනි ටිකෙන් හොරා කාපු, තෙල් ටිකෙන් හොරා කාපු ඒ පල් හොරු ටික තවමත් සැගවී සිටින බවත් ඔවුන් නීතිය ඉදිරියට ගෙනාවේ නැති බවද දමිතා අබේරත්න සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පල් හොරු ටික රකින බවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පැවැත්ම සුරැකීමට හැකි වුයේ එම පල් හොරු ටික නිසා බවද දමිතා අබේරත්න සදහන් කරයි.
අරගලය කරන සමයේ තමන් රටේ ආර්ථික ඝාතකයින් කවුද කියා හෙළිකළ බවත් එවිට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබාදී තිබුණේ නැති බවත් ආර්ථික ඝාතකයින්ගේ නම් අතර රාජපක්ෂ පවුලේ සියලුම දෙනාගේ නම් තිබෙන බවද දමිතා අබේරත්න සදහන් කරයි.
සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවකට එක්වෙමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මේ බව සදහන් කරයි.
“නාමල් බේබි අවසන් මොහොතේ රනිල් ලගට” - දමිතා රනිල්ගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවයි!
2024-08-28T19:17:00+05:30
Gossip Lanka Hot News






