ඩුබායි රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් තමන්ව ඝාතනය කිරීම සඳහා පසුගියදා සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පසුගිය 23 වනදා දිනයේ පැමිණිල්ලක් කරනු ලැබීය.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බවට, සිය පැමිණිල්ලේ දක්වා ඇති චමුදිත මහතා මෙරටින් පලා ගොස් ඩුබායි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව අදාල පැමිණිල්ලේ දක්වා ඇත.
ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය ඕනෑම මොහොතක මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර මහතා සූදානමින් සිටින බවට ද චමුදිත සමරවික්‍රම මහතා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.
ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස අදාල පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි සැලකේ.
කෙසේවෙතත් වත්මන් තත්ත්වය දැනගැනීම සඳහා මේසම්බන්ධයෙන් අප පිළියන්දල පොලීසියෙන් ද විමසීමක් කළා.
එහිදී පිළියන්දල පොලීසිය පැවසුවේ, මෙම සිද්ධිය බරපතල කාරණයක් බවත්, මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ඇතුළු වගකිව යුතු සියලුම අංශ දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි.
මේ අතර, නාමල් කුමාර මහතා විසින් සිදු කරන මෙම ප්‍රකාශයට අදාලව තොරතුරු ලබාදුන් කාන්තාව ඩුබායි වල සිටින බවත්, ඇය හරහා ඉදිරියේදී තවත් තොරතුරු රැසක් ලබාගෙන මෙම විමර්ශනය කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පිළින්දල පොලීසිය වැඩිදුරටත් ගගන සමග කියා සිටියා.
කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ නිදහස සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි අභියෝගයන් එල්ලවී ඇති මොහොතක චමුදිතට එල්ලවී ඇති මරණ තර්ජනයට අදාලව මැතිවරණ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නායක මහතාගෙන් ද විමසීමක් කළේ ය.
එහිදී සමන් රතනායක මහතා ප්‍රකාශ කළේ, මැතිවරණ කාලයේ පමණක් නොව සෑමදාම මාධ්‍යවේදීන්ගේ නිදහස සහ ආරක්ෂාව තහවුරු විය යුතු බවත්, එය මෙරට රජය ඇතුළු ආරක්ෂක අංශ වල ප්‍රධාන වගකීමක් වන බවයි.
එම නිසා මෙරට ආරක්ෂක අංශ මෙම සිද්ධියට අදාලව කඩිනමින් නීතිමය පියවර ගෙන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
තවද ඔහු ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට දැනට සිටින පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ප්‍රකාශ කරන ලදි.
ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යයභාරය බවත්, ඒවෙනුවෙන් මැතිවරණ කොමිසම කටයුතු කරන බවත්,මාධ්‍යවේදීන්ට සිදුවන මරණ තර්ජන සම්බන්ධයෙන් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ ඊට අවශ්‍ය පියවර ගතයුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.
කෙසේවෙතත් මෙවන් අවස්ථාවක මිනිසෙකුගේ ජීවිතය ආරක්ෂා කර දීම වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් මෙන්ම වගකීමක් ද තිබේ.
මේ පිළිබඳ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරගෙන් ද ගගන අප විමසීමක් කළා.
එහිදී නාමල් කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ, ඔව් එවැනි තර්ජනාත්මක සිද්ධියක් ගැන මගේ තොරතුරු කාරිය මට දැනුම් දුන්නා.
මගේ යුතුකමක් තමයි මම ඉටු කළේ.
සමාජයට දුලබ මෙවැනි මාධ්‍යවේදීන් අපි ආරක්ෂා කළ යුතුයි.
පිළියන්දල පොලිසියෙන් කළ දැනුම් දීමකට අනුව තමන් ඊයේ (24) දිනයේ පිළියන්දල පොලිසිය හමුවේ පෙනී සිටි බවයි නාමල් කුමාර මහතා අප සමඟ කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාගෙන්ද ගගන අප විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ තමන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් දැමූ බවත්, මාධ්‍යවේදීන් ලෙස ජනතාවට තොරතුරු ලබාදීම සහ ඇතැම් කරුණුකාරණා සම්බන්ධයෙන් තමන් ජනතාව වෙනුවෙන් හඬක් නගන බවයි.
එලෙස අදහස් දැක්වීමේදී ඇතැම් පාර්ශව තමන්ට චෝදනා එල්ල කළ ද තමන් නොබියම තම වගකීම ඉටු කරන බවය. මෙවන් තත්ත්වයක් තුළ ඔහුගේ ආරක්ෂාව කඩිනමින් තහවුරු කිරීම රජය මෙන්ම, මෙරට ආරක්ෂක අංශ වල ප්‍රධාන වගකීමක් බව ගගන අප මතක් කර දෙන්නෙමු.