ජනාධිපතිවරණයෙන් පසු තමා ප්රමුඛ වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන පාර්ශවය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය ලබා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන අද සහතික කර පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (11) අනුරාධපුරයේ දී මාධ්‍යය අමතමිනි.
ඔහු මාධ්‍යයට කීවේ මෙවැන්නකි.
” ජනාධිපතිවරණයෙන් පස්සේ පොහොට්ටුවේ අයිතිකාරයො අපි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් විතර ඉන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දෙන්න. සුලුතරයක් පක්ෂෙයේ අයිතිය තියාගෙන ඉන්න එක වැරදියි. පක්ෂයේ අයිතිවාසිකමත් ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ලබා ගන්නම්.
ඒ වගේම අපි සන්ධානගත වෙන්නේ වෙනම කණ්ඩායමක් හැටියට. ඒ කණ්ඩායම පොදු ජන පෙරමුණේ අයිතිවාසිකම් ගන්න හදනවා වගේම වාමාංශික නායකයෙක් වුන අගමැතිතුමාගේ නායකත්වය යටතේ අපි පාර්ලිමේන්තු ඡන්දය, ප්‍රාදේශීය සභා ඡන්දය පළාත් සභා ඡන්දය ට අපි අපේක්ෂකයො ඉදිරිපත් කරනවා. ඒක කිසිම ගැටලුවක් නෑ.
එස්.එම්. චන්ද්‍රසේන යළිත් අවධාරණය කළේ අනිවාර්යයෙන් පොහොට්ටුවේ බලය ගන්නා බවය.
-lankasara