අරගලය අවසන්... බංග්ලාදේශයේ ගැලවුම්කරු පැමිණෙයි
බන්ග්ලාදේශයේ අන්තර්වාර පාලකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා නොබිල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අද ප්‍රංශයේ සිට එරටට පැමිණියේය.
මහාචාර්ය යූනිස් පිළිගැනීම සඳහා එරට ගුවන්තොටුපළ වෙත විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔහුට ජනතාවගෙන් උණුසුම සුබපැතුම් එල්ලවනු දක්නට ලැබුණි.
අන්තර්වාර නායකයා ලෙස යුනුස් පත් කර ගැනීම සඳහා එරට ජනාධිපතිවරයා සහ අරගලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතර පැවැත්වූ සාකච්ඡාවකින් පසු එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.
මහාචාර්යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විප්ලවය තුළින් බංග්ලාදේශය සිය විජහග්‍රහණයේ අරුණළු නිර්මාණය කරගෙන ඇති බවත් එම දැක්ම ඉදිරියට තබා ගනිමින් තවදුරටත් දුර ගමනක් යා යුතු බවත්ය.
එමෙන්ම විප්ලවය සඳහා දායක වූ තරුණ තරුණියන්ට මහාචාර්යවරයා තම ප්‍රශංසාවද පළ කළේය.
අරගලය අවසන්... බංග්ලාදේශයේ ගැලවුම්කරු පැමිණෙයි
2024-08-09T09:12:00+05:30
Gossip Lanka Hot News






