gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුර කුමාර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි!

එළඹෙන සැප්තැම්බර් (21) වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අනුර කුමාර දිසානායක අත්සන් තබා ඇත.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළුව ජාතික විධායක සභිකයින් කිහිප දෙනෙකුද සහභාගි වී සිටියේය.

මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්. අපි තබන ලද මේ අත්සන සහතික වශයෙන් ජයග්‍රාහී අත්සනක් බවට අපි පරිවර්තනය කළ හැකියි.

අනෙක් කඳවුරු එක එක කණ්ඩායම්වලට බෙදිලා, කැඩිලා එක එක කුණු එකතු කරන තත්ත්වයකට පත්වෙලා. ජාතික ජන බලවේගය අවුරුද්දකට එකහමාරකට කලින් අපි පටන් ගත්තේ. අපි ඉතාමත් ශක්තිමත්ව, සංවිධානාත්මකව මහජනතාව දැනුවත් කරමින් අද දක්වා මේ ගමන දියත් කරලා තියෙනවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka