gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපති අපේක්ෂකයා ගැන කතාවෙන්න ගිහින් නෙළුම් මාවත උණුසුම්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණාත්මක සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල නෙලුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මේ සදහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වතාවක් ජනපති කලයුතු බවට පවසන පිරිස සහ නාමල් රාජපක්ෂ මහතාට හිතවත් සහ පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවට පවසන මැති ඇමතිවරුද එක්ව සිටියා.

රැස්වීම දැඩි මත ගැටුම් කිහිපයක් නිසා උණුසුම් වී ඇති බවද වාර්තා වෙනවා.

එය අවසන් වී පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා යලි ජනපති බවට පත්කල යුතුබවට තමන් දරණ මතයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පොහොට්ටුවේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද මෙම රැස්වීමට පැමිණි මැති ඇමතිවරුන් කියා සිටියා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka