gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටු තීන්දුව අද!

ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව අද (29) දිනයේ ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව පෙරේදා (27) ප්‍රකාශ කළේය. 

තම පක්ෂයේ මතයට හැමවිටම කන් දෙන බවත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද පක්ෂයේ මතය අනුව කටයුතු කරන බවත් හෙතෙම කීවේය. 

පක්ෂයෙන් කිසිවකු ඉදිරිපත් කරනවා නම් ඊට සහාය පළ කරන බවත් ඉදිරිපත් වෙන වෙනත් අපේක්ෂකයකුට සහාය දීමට එකඟ වුණොත් එසේ කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

ධම්මික පෙරේරා මහතා අපෙක්ෂකයත්වයට එන්නේදැයි මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ අපි එකට වාඩිවෙනවා. එතුමා අපේ මන්ත්‍රීවරයකු බවයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඔව් එය බොහොම හොඳ බවය.

එහිදී මාධ්‍ය විසින් එතුමාට සහාය දෙන්නේද යන්න සිදු කළ විමසීමේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අයට සහාය දෙන බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka