ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පොදුජන පෙරමුණ ඇති කරගත්තේ තාවකාලික කොන්ත්‍රාත්තුවක් බවත් එම කොන්ත්‍රාත් කාලය නිමා වෙමින් ඇති බවත් අද ප්‍රකාශයට පත් විය. ඒ පොදු ජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයින් පිරිසක් මූලිකත්වයෙන් මීරිගම පැවති පොදු ජන පෙරමුණේ ආසන සම්මේලනයේ දී ය. එහිදී ප්‍රකාශ වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තමන් විසින් පත් කරගත්ත ද ඔහු පොහොට්ටුවේ ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක නොවන බවය. මේ වනතුරුත් උත්සාහ කරන්නේ ඔහු සමග සම්මුතික වීමට නමුත් එය සිදුනොවන ලකුණු පලවී ඇතැයි ද ඔහු පැවසුවේය.
පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් ගමනක් නැති බව නිශ්චිත ලෙසම ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ මේ රට විකුණා කන්නට දිය නොහැකි බවත් යළි රට භාරගත යුතු බවත්ය. ඒ සඳහා පොදු ජන පෙරමුණ නාකයෙක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසුවේය.
පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මීරිගම ආසන බල මණ්ඩලය අමතමින් මෙසේ ද පැවසුවේ ය.
මේ රටේ තෙල් පෝලිම් තිබුණෙ මාස 2යි. ගෑස් නැතිව තිබ්බේ මාස දෙකයි. විදුලිබල කප්පාදුව තිබ්බෙ මාස දෙකයි. මාස දෙක්ක තිබ්බ ප්‍රශ්නයක් විසඳීම මේ රටේ අවුරුදු තිස් ගණන් හැට ගණන් තිබිච්ච මහා ප්‍රශ්න සියල්ල විසඳපු නායකයො එක්ක සන්සන්දනය කරන්න යනවා. මේකත් මහ විකෘතියක්.
නැවත වරක් අප මේ රට බාරගන්න ඕන. මේ රට විකුණන්න දෙන්න බෑ. අපි ශ්‍රී ලාංකිකයො කියන අභිමානයක් වචනය කියන්න පුලුවන් නායකයෙක් බිහි කරගන්න ඕන කාලේ ඇවිල්ලා. අන්න ඒ නායකයා අපි ඉදිරි කාලයේ දි ඔබතුමන්ලට ඉදිරිපත් කරනවා.
ඒක නිසා මදක් ඉවසිලිවන්තව ඉන්න. මේ රට ඊලඟ තලයට ගෙනියන්න පුලුවන්, මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුලුවන් ණය කන්දරාව ගෙවලා ණය නැති රටක් බවට පත් කරන්න පුලුවන්
මේ රට ඊලග තලයට නෙියන්න පුලුවන් ණය නැති රටක් හදන් පුලුවන් නායකයා අපි ඔබතුමන්ලට ලබා දෙනවා. අන්න ඒ නායකයා එක්ක අපේ ඉදිරි ගමන යමු.
