ජනාධිපතිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මතු වි ඇති අර්බුදය විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්විමට යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ඊයේ (05) මැදවච්චියේ පැවති රැස්වීමක දී ඔහු කියා සිටියේ මේ සඳහා අවශ්‍ය නීති සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.
ඔහු පැවසුවේ මෙවැන්නකි.
මේ ප්‍රශ්නය මොකක් ද?. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ ඒ සංශෝධනයෙ එක තැනක පහයි කියලා කියනවා. අනෙක් තැන හයයි කියලා තියනවා.
එතකොට මේ හයයි පහයි කියන කතන්දරේ නිරාකරනය කරගන්න තියනවා. මේ පිලිබඳව ජනාධිපතිතුමා පහුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට මේක නිරාකරණය කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරලා තියනවා.
ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉදිරියේ දි පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිතව තියනවා. මේ පසුබිමක් තියනකොට තමයි මේ මැතිවරණය කල්දාන්න කියන කතන්දරේ එන්නේ.
පාලිත රංගෙබණ්ඩාර පැවසුවේය.
