ජනාධිපතිවරණය සඳහා වෙන් කර ඇති මුදල් නිදහස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාදයකින් තොරව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කරයි.
2024 අයවැයෙන් ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබේ.
මේ අතර, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී තිබිණි.
ජනාධිපතිවරණයට අදාළ වියදම් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.
මීට අමතරව පොලිස් කොට්ඨාස 45කින් ඇස්තමේන්තුගත මැතිවරණ වියදම් පිළිබඳ වාර්තා කැඳවා තිබේ.
එම වාර්තා පොලිස් මූලස්ථානය වෙත යොමු කර ඇත. මෙම වාර්තා මත පදනම්ව වියදම් පිළිබඳ අවසන් ඇස්තමේන්තුව සකස් කිරීමට නියමිතව තිබේ.